Welcome to Samadhi Buddhist Vihara Official Website

සැදැහැවත් පින්වත,

බෞද්ධයාගේ උතුම්ම පෝය දිනය වන වෙසක් පොහෝ දින අප විහාරස්ථානයේ පහත සඳහන් පිංකම් පැවැත්වේ. ඔබත් පැමිණ සහභාගිව ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙන්න.

මැයි 14 (සෙනසුරාදා)
පෙරවරු 8:30 – 5:00 – සීල භාවනා වැඩසටහන

මැයි 15 (ඉරිදා)
උදෑසන 6:00 – 11:00 – භාවනා වැඩසටහන
සවස 5:00 – අටවිසි බුද්ධ පූජා පිංකම
රාත්‍රි 7:00 – දන්සල

පෙර සූදානම් කිරීම සදහා ඔබත් පැමිණ උදව් කරන්න.

  • විදුලි සැරසිලි (decorate with fairy lights)
  • කොඩි දැමීම
  • අටවිසි බුද්ධ පූජා ආසන සැකසීම සහ ගිලන්පස බුද්ධ පූජාවේ දායකත්වය
  • විහාරස්ථානය අවට පිරිසිදු කිරීම

අටවිසි බුද්ධ පූජා පින්කමේ අට පිරිකර, සිවුරු පිරිකර, ගිලන්පස පූජාව සහ ඕෂධ පූජාව සදහා ඔබට දායකත්වය බාර ගැනීමට අවස්ථාව ඇත. ඒ සදහා මෙම විද්‍යුත් ලේඛනය භාවිතා කරන්න.

ගිලන්පස පූජාව
දොඩම් යුෂ  6 ලීටර
බ්ලූබෙරි යුෂ  6 ලීටර
ඕෂධ පූජාව
1. ඉඟුරු 4. වියළි මිදි 7. කරපිංචා 10. එන්සාල්
2. සුදුළූණු 5. සූකිරි 8.වියළි කහ 11. කුරුඳු පොතු
3. කොත්තමල්ලි 6. ලෙමන් 9. ගම්මිරිස්

 

ඔබ නිවසේදී නිර්මාණය කරගත් වෙසක් පහන් කූඩු විහාරස්ථානය අලංකාර කිරීම පිණිසද රැගෙන ඒම මැනවි.

වැඩි විස්තර සදහා,  ඉනෝකා : 022 089 6980 / කසුන් : 021 081 31212 අමතන්න.
ඔබත් මේ උතුම් පිංකම් සදහා සහභාගීව නිවන් අවබෝධය පිණිස හේතුවන කුසල්  සලසා ගන්න.

තෙරුවන් සරණයි!